• Inner slider 1

ශ්‍රී ලංකා ණය ආරක්ෂණ සමිතියේ ඇප බැංකු වෙත සැබෑ ණය පරිපූරකයක් සපයයි .

අපනයනකරු වෙත ඔවුන්ගේ බැංකු ආයතන වෙතින් වඩා යහපත් සේවාවන් ලබා ගැනීමට ඉඩ සලසන පරිද්දෙන් ශ්‍රී ලංකා ණය ආරක්ෂණ සමිතියේ ඇප යෝජනා ක්‍රමය අපනයනකරුගේ ණය ලබා ගැනීමේ ශක්‍යතාව ඉහළ නංවයි. අපනයනකරුහට බැංකුව/ මූල්‍ය ආයතනය වෙත සිය වගකීම ඉටු කිරීමට නොහැකි වූ අවස්ථාවක අදාල බැංකුව හෝ මූල්‍ය ආයතනයට යම් පාඩුවක් දැරීමට සිදු වූයේ නම් ශ්‍රී ලංකා ණය ආරක්ෂණ සමිතිය විසින් එම අලාභයෙන් සැලකිය යුතු කොටසක් පියවා දමනු ලැබේ.

මෙම ඇප යෝජනා ක්‍රමය මගින් බැංකුවේ සමස්ත කෙටි කාලීන අපනයන ණය ක්‍රමයේ අවදානම් බර තැබූ ප්‍රාග්ධන ප්‍රමාණය ඉහළ නංවයි. මෙමගින් වැඩි අපනයන මූල්‍ය ප්‍රමාණයක් ණය ලෙස නිකුත් කිරීමට බැංකුවට හැකියාව ලැබේ. එය අදාල බැංකුවට, ශ්‍රී ලංකා මහා බැංකුව මගින් පණවා ඇති ප්‍රාග්ධන ප්‍රමාණ සම්මත අගයයන් සහ බැසෙල් කමිටු නිර්දේශ වලට අනුකූල වර්තමාන අන්තර්ජාතික ක්‍රමෝපායයන් සහ අවශ්‍යතාවන් සපුරාලීමට හැකියාව ලබා දෙයි. ශ්‍රී ලංකා ණය ආරක්ෂණ සමිතියේ ඇප මගින් ආවරණිත ණය සේවාවන්හි අවදානම් බර තැබූ ප්‍රග්ධන ප්‍රමාණය 50%කි.

ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ ණය ඇපකර සේවාවන්

  • භාණ්ඩ නැව්ගත කිරීමට පෙර ලබා දෙන ණය ඇපකරය

    අපනයනකරුවන් වෙත අමුද්‍රව්‍ය මිලට ගැනීමේදී, නිෂ්පාදනයේදී, භාණ්ඩ සැකසුම් කිරීමේදී සහ අපනයනය සඳහා ඇසුරුම් කරන අවස්ථාවේදී නැව්ගත කිරීමට පෙර ලබා දෙන මූල්‍ය පහසුකම් සඳහා ඉවහල් වන පරිදි මූල්‍ය ආයතන වෙත ආවරණය සැපයීම.

  • භාණ්ඩ නැව්ගත කිරීමට පෙර ලබා දෙන සම්මත ණය ඇපකර

    අපනයනකරුට භාණ්ඩ නැව්ගත කිරීමට පෙර අවස්ථාවේ දී නොගෙවීම් සහ අපනයනකරුගේ බංකොලොත්භාවය වළකාලීමට ලබා දෙන ණය ඇපකර වෙනුවෙන් වාණිජ බැංකු සඳහා ආවරණය සපයයි.

  • කුඩා පරිමාණ භාණ්ඩ නැව්ගත කිරීම් සඳහා ලබා දෙන ණය ඇපකරය

    අලුත් සහ කුඩා පරිමාණ අපනයනකරුවන් සඳහා භාණ්ඩ නැව්ගත කිරීමට පෙර ලබා දෙන මූල්‍ය පහසුකම් වඩා ලිහිල් ප්‍රතිපත්තීන් මත ලබා දෙන ලෙස වාණිජ බැංකු දිරිමත් කිරීම

  • අපනයන ණය ඇපකරය

    මුළු ණය ප්‍රමාණයම ආපසු ගෙවන තෙක් වාණිජ බැංකු මගින් අපනයනකරුවෙකුගේ නොගෙවීම් සහ බංකොලොත්භාවය වළකාලීමට ලබා දෙන ණය ඇපකරය සඳහා ආවරණය සපයයි.

  • භාණ්ඩ නැව්ගත කිරීමේ මුළු පිරිවැටුම සඳහා වන ණය ඇපකරය

    බැංකු ආයතනයක භාණ්ඩ නැව්ගත කිරීමකට පෙර ණය ලබා දීමේ ක්‍රියාවලිය ආවරණය කරයි.

  • භාණ්ඩ නැව්ගත කිරීමෙන් පසු ලබා දෙන සම්මත ණය ඇපකරය

    භාණ්ඩ නැව්ගත කිරීමෙන් පසු අපනයනකරුවෙකු මුහුණ දෙන නොගෙවීම් හෝ බංකොලොත්භාවයක දී වාණිජ බැංකු වෙත අදාල අලාභය වන්දි වශයෙන් ගෙවනු ලබන අපකාරයකි.

  • කුඩා පරිමාණ භාණ්ඩ නැව්ගත කිරීමකට පසු ලබා දෙන ණය ඇපකරය

    බැංකු පහසුකම් සලසා ගත හැකි වන පරිදි කුඩා පරිමාණ අපනයනකරුවන් දිරි ගැන්වීම සහ ආරක්ෂා කිරීමට නිර්මිත ඇපකරයකි.

  • තාවකාලික අපනයන ණය ඇපකරය

    භාණ්ඩ නැව්ගත කිරීමෙන් පසු ලබා දෙන ණය ඇපකරයකි .

  • භාණ්ඩ නැව්ගත කිරීමට පසු මුළු පිරිවැටුම උදෙසා ලබා දෙන ණය ඇපකරය

    බැංකු ආයතනයක භාණ්ඩ නැව්ගත කිරීමට පසු ණය ලබා දීමේ සමස්ත ක්‍රියාවලිය ආවරණය කරයි.

  • අපනයන නිෂ්පාදන ණය ඇපකරය

    වක්‍ර අපනයනකරුවන්ගේ නොගෙවීම් සහ බංකොලොත්භාවයන් වෙනුවෙන් වාණිජ බැංකු ලබා දෙන මූල්‍ය පහසුකම් ආවරණය කරයි.

  • අපනයන කාර්ය සාධන ඇපකරය (ලංසු බැඳුම්කර/ කාර්ය සාධන බැඳුම්කර)

    අපනයනකරුට ලංසු බැඳුම්කර සහ කාර්ය සාධන බැඳුම්කර ලබා ගත හැකි වන පරිදි වාණිජ බැංකු වෙත ලබා දෙන ප්‍රති ඇපකරයකි .

  • ATA අවසර පද්ධතිය ආවරණය කෙරෙන පරිදි අපයන කාර්ය සාධනය සඳහා ලබා දෙන ඇපකරය

    වෙළෙඳ සල්පිළ සහ ප්‍රදර්ශන සඳහා වටිනා භාණ්ඩ තාවකාලිකව අපනයනය කිරීමේ පහසුකම් සලසයි. ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික වාණිජ මණ්ඩලය වෙත මෙය නිකුත් කරනු ලැබේ. විදේශීය රටවල ආනයන බදු සඳහා වන නොගෙවීම් ආවරණය කරයි.
    100% ඉල්ලුම් ඇපකර

  • ගැල් පරිවහනකරුවන් සඳහා අපනයන කාර්ය සාධන ණය ඇපකරය

    ගුවන් සේවා සමාගම් වෙතින් ණයකර ලබා ගත හැකි වන පරිදි ගැල් පරිවහනකරුවන් සඳහා වාණිජ බැංකු වෙතින් ලබා දෙන ඇපකර අරභයා, ලබා දෙන ප්‍රති ඇපකරයකි. ගුවන් සේවා සමාගම් වල නොගෙවීම් වලින් 85%ක ප්‍රමාණයක් ගැල් පරිවහනකරුවන්ගේ ඉල්ලුම මත ලබා දෙන ප්‍රති ඇපකර ලෙස බැංකු ආයතන වෙත ලබා දෙනු ලැබේ.

  • ගමන් ගාස්තු ආවරණය වන පරිදි මුළු පිරිවැටුම සඳහා ලබා දෙන බැංකු ඇපකරය

    මෙම ඇපකරය මගින් ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් සඳහා පිටත් වීමට පෙර ණය ලබා දීමේ හැකියාව සලසයි.

FaLang translation system by Faboba