ගෙවීම් කළ යුතු දිනය
මෙම රක්ෂණ ක්‍රමය අනුව සියලුම කාලය දීර්ඝ කිරීම් ද ඇතුළත් ව ගැනුම්කරු විසින් අපනයනකරු වෙත දළ කුවිතාන්සි වටිනාකම ගෙවිය යුතු දිනය
වෙළෙඳ ගිවිසුම
ගැනුම්කරු වෙත භාණ්ඩ බෙදා හැරීම ට හෝ සේවා අපනයනය ට හැකි වන පරිදි අපනයනකරු වෙත නෛතිකව බලය පැවරුණු ගිවිසුම් ලේඛනයයි.
හවුල් ගැනුම්කරු
පහත කරුණු වලින් නිර්වචනය වන ඕනෑම ගැනුම්කරුවෙකු හවුල් ගැනුම්කරුවෙකු වේ.
- අපනයනකරුහට ඍජුව හෝ වක්‍රව ගැනුම්කරුගේ කළමනාකාරිත්වය පාලනය කළ හැකි නම්
- අපනයනකරු සහ ගැනුම්කරු එකම ව්‍යාපාර සමූහයේ සාමාජිකයින් හෝ එකම පුද්ගලයෙකු අපනයනකරුගේ සහ ගැනුම්කරුගේ ආයතනයන්හි අධ්යක්ෂ මණ්ඩලයන්හි සාමාජිකයෙකු වේ නම්
- අපනයනකරු සහ ගැනුම්කරු අතර ඤාති සම්බන්ධතාවක් පවතී නම්
දළ කුවිතාන්සි වටිනාකම
වෙළෙඳ ගිවිසුම යටතේ ගැනුම්කරු විසින් ඔබ වෙත ගෙවිය යුතු මුළු මුදල වේ.
යෝජනා පත්‍ර
අපනයනකරු විසින් රක්ෂණ ඔප්පුවක් ලබා ගැනීමට පෙර අප වෙත යොමු කරන ලද මනාව සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රය සහ අනෙකුත් අදාල ලිපි ලේඛන
රක්ෂණ ඔප්පුව
රක්ෂණ ඔප්පු හිමිය සහ ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව අතර ඇති ගිවිසුමයි.
වාණිජමය අවදානම් සාධක
ගැනුම්කරුවෙකු විසින් යම් ගනුදෙනුවක දී ගෙවීම් සිදු නොකිරීමට ඉඩ ඇති පහත ඕනෑම අවස්ථාවක් වාණිජමය අවදානම් සාධයක් වේ.
- ගැනුම්කරුගේ බංකොලොත්භාවය
- ගැනුම්කරු මුදල් ගෙවීම් ප්‍රතික්ෂේප කිරීම හෝ ගෙවීම් සිදු කිරීමට අපොහොසත් වීම
- භාණ්ඩ හෝ සේවා භාර ගැනීමට නොහැකි වීම හෝ ප්‍රතික්ෂේප කිරීම
දීර්ඝ කාලීන ණය
අපනයනකරුගේ ඉල්ලීම් නොතකා ගෙවීම් සිදු කළ යුතු දිනට මාස 4ක් ඇතුළත දල කුවිතාන්සි වටිනාකම හෝ ඉන් කොටසක් හෝ ගෙවීමට ගැනුම්කරු ප්‍රතික්ෂේප කිරීම හෝ අපොහොසත් වීම
ගැනුම්කරුගේ බංකොලොත්භාවය
මෙම රක්ෂණ ක්‍රමය යටතේ පහත දක්වා ඇති අවස්ථාවන් ගැනුම්කරු බංකොලොත්භාවයට පත් වූ අවස්ථාවන් ලෙස සලකනු ලැබේ.
- උසාවියක් මගින් අදාල ගැනුම්කරු බංකොලොත් යැයි ප්‍රකශ කර ඇති විට
- ගැනුම්කරු විසින් ඔහුගේ/ඇයගේ ණය හිමියන්ගේ යහපත සහ ණය ගෙවීම සඳහා ගිවිසුම්, සම්මුති සහ වෙනත් පියවර ගෙන ඇති විට
- ගැනුම්කරුගේ මිල දී ගැනීම් කළමනාකරණය කිරීමට උසාවියක් මගින් නිලධාරියෙකු පත් කර ඇති විට
- ගැනුම්කරුගේ වත්කම් අත්පත් කර ගැනීමට උසාවි නියෝගයක් ලබා දී ඇති විට ,
- ප්‍රතිසංස්කරණ සඳහා හෝ ව්‍යාපාර ඒකාබද්ධ කිරීමක් සඳහා නොවන වත්කම් අත්හැරීමේ යෝජනාවක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කර ඇති විට ,
- උසාවියක් මගින් සියලුම ණය හිමියන් අරභයා යම් ක්‍රියාමාර්ගයක් අනුමත කර ඇති විට ,
- අපගේ අවබෝධය පරිදි ඉහත අවස්ථාව අතරින් එකක් ලෙස ගිණිය හැකි ඕනෑම අවස්ථාවක්
ගිවිසුම ප්‍රතික්ෂේප කිරීම
වෙළෙඳ ගිවිසුම් ප්‍රකාරව භාණ්ඩ හෝ සේවා භාර ගැනීමට ගැනුම්කරුවෙකු අපොහොසත් වීම හෝ ප්‍රතික්ෂේප කිරීම
දේශපලනිකමය අවදානම් සාධක (රටක පවතින අවදානම් තත්ත්ව, වාණිජමය නොවන අවදානම් තත්ත්ව)
යම් ගැනුම්කරුවෙකුගේ විෂය පථය හෝ වගකීම් සීමාව ඉක්මවන අවදානම් සාධක මේ යටතට ගැනේ.
- ගැනුම්කරුගේ රටෙහි ඇති විය හැකි සතුරු ආක්‍රමණ, යුද ගැටුම්, කැරළි කෝලාහල, සමාජයීය හෝ දේශපාලනික බාධා, ත්‍රස්තවාදී ක්‍රියා, ස්වභාවික විපත් ආදිය
- ගැනුම්කරුගේ රට සහ ශ්‍රී ලංකාව අතර උද්ගත විය හැකි යුදමය වාතාවරණයක්
- ගැනුම්කරුගේ රටෙහි පවතින රජය මගින් ප්‍රකාශයට පත් කරන ලද තහනමක් හෝ ගෙවීම් සඳහා බල පවත්වන වෙනත් තෙවන පාර්ශ්වීය රටක රජයක් මගින් පණවන ලද එවැනි තහනම් නියෝගයක්
- ගැනුම්කරුගේ රටෙහි පවතින නීතියේ සංශෝධන සිදු කිරීමක් හෝ ආනයන තහනමක්
- ශ්‍රී ලංකාවට ගෙවීම් සිදු කිරීමට බාධා පමුණුවන පරිදි ගැනුම්කරුගේ රටෙහි හෝ ගෙවීම් සඳහා බල පවත්වන වෙනත් තෙවන පාර්ශ්වීය රටක උද්ගත විය හැකි දේශපාලනික තත්ත්ව හෝ ආර්ථික දුෂ්කරතා
- ගැනුම්කරු විදේශීය රජයක් හෝ අපනයනයේ කාර්ය සාධනය විදේශීය රජයක් මගින් තහවුරු කෙරෙන අවස්ථාවක දී ගිවිසුම් කොන්දේසි ඉටු කිරීමට ගැනුම්කරු අපොහොසත් වන හෝ ප්‍රතික්ෂේප කරන අවස්ථාවක්
- ශ්‍රී ලංකාවෙන් නැව්ගත කරන ලද භාණ්ඩ ප්‍රවාහනයේ දී සිදු වන බාධා කිරීම් හෝ වෙනස් කම් සිදු කිරීම් වල දී ඒවායේ මෙහෙයුම්, ප්‍රවාහන හෝ රක්ෂණ ගාස්තු ගැනුම්කරුගෙන් අය කර ගත නොහැකි අවස්ථාවක දී
- අපනයනය කරා ලද භාණ්ඩ හෝ සේවාවන්හි ස්වභාවයේ වරදක් නොවන ඔබගේ හෝ ගැනුම්කරුගේ පාලනයෙන් බැහැර, ශ්‍රී ලංකාවෙන් පිටත දී උද්ගත විය හැකි යම් අවස්ථාවක දී
ණය සීමාව
ගැනුම්කරුගේ ගිණුම් වාර්තා අනුව ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව විසින් යම් මුදලක් අනුමත කර එය ණය සීමා දර්ශකය ලෙස අපනයනකරුට ඇමෙරිකානු ඩොලර් හෝ ශ්‍රී ලංකා රුපියල් වලින් දැනුම් දීම
උපරිම වගකීම් සීමාව
විකිණුම්කරුගේ අවදානම් සාධක මත පදනම්ව ලබා දෙන ණය රක්ෂණය යටතේ වසරකට ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව විසින් දරනු ලබන මුළු වගකීම් වටිනාකම
වෙළෙඳ ගිවිසුම
අපනයනකරුට භාණ්ඩ බෙදා හැරීම සහ සේවා සැපයුම සඳහා නෛතික බලය ලැබෙන පරිදි අපනයනකරු සහ ගැනුම්කරු අතර ඇති ගිවිසුම
ණය ප්රතිරක්ෂණය (සීමා ප්රතිරක්ෂණය )
Pණය සීමාවක් අනුමත කිරීමට පෙර ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව මගින් ගැනුම්කරුවෙකු විෂයෙහි සිදු කරන ආයතනික පැවැත්ම, මූල්‍ය තත්ත්වය සහ අනෙකුත් සාධක මත පදනම් වූ විශ්ලේෂණය
වාරිකය
අවදානම් සාධක ආවරණය කිරීම සඳහා රක්ෂණ ඔප්පු හිමිය විසින් ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව වෙත සිදු කරන ගෙවීම
ගෙවීම් කල් පසු වූ නිවේදනය
ගැනුම්කරුවෙකු දළ කුවිතාන්සි වටිනාකම අදාල දිනට පෙර ගෙවීමට අපොහොසත් වුවහොත් ගෙවීම් සිදු කළ යුතු දින සිට දින 30ක් ඇතුළත 505 ආකෘති පත්‍රය සම්පූර්ණ කර ගෙවීම් කල් පසු වූ ප්‍රකාශයක් භාවිතයෙන් අප වෙත ලිඛිතව දැනුම් දිය යුතුයි.
අසාධු ලේඛන ගත/ ගෙවීම් පැහැර හරින ලද ගැනුම්කරුවන්
ගෙවීම් පැහැර හරින ගැනුම්කරුවන් වෙත ණය සීමාවන් ලබා නොදෙන අතර යම් ගැනුම්කරුවෙකු විෂයෙහි අපනයනකරුවෙකු වෙත හිමිකම් මුදල් ගෙවා තිබේ නම් වුව ද අදාල ගැනුම්කරු වෙත ණය සීමාවක් ලබා දීම සිදු නොකෙරේ.
රක්ෂණ ආවරණය අත්හිටුවීම
මුදල් ගෙවීම් පැහැර හැරීමක් වාර්තා වූ විට ගැනුම්කරු උදෙසා ඇති ආවරණය අහෝසි වේ.
ණය ආපසු අයකර ගැනීම්
වෙළෙඳ ගිවිසුම ප්‍රකාර ගැනුම්කරුගේ ණයගැතිභාවය අඩු කර ගත හැකි පරිදි මුදල් අයකර ගැනීමේ ක්‍රමවේද මෙහිදී සලකා බලනු ලැබේ. බංකොලොත් ව්‍යාපාරයක ගෙවන ලද හෝ ගෙවීමට ඇති ලාභාංශ, සුරැකුම්පත්, හානි පූරණයන්, සහතික පත්, රක්ෂණ ආවරණ, විකිණුම්, ක්‍රියාකාරී හිමිකම්, මුදල් හිමිකම් ප්‍රති ප්‍රකාශ, හිලවු කිරීම්, වෙනත් හිමිකම් හෝ ඔබ විසින් ලබා ගෙන ඇති මුල්‍යමය වාසි මෙහි දී මුදල් අය කර ගැනීමේ මාර්ග ලෙස සලකනු ලැබේ.