ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ කාර්යභාරයන්
වර්තමාන කලබලකාරී අවිනිශ්චිත ආර්ථික වටපිටාව තුළ ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ රක්ෂණ ඔප්පු මගින් අපනයනකරුවන්හට නව අපනයන වෙළෙඳපොල සංවර්ධනය කිරීමටත් එමගින් නැවුම් වෙළෙඳ අඩවි කරා විශ්වාසයෙන් සහ ආරක්ෂා සහිතව එළැඹීමටත් අවස්ථාව සැලසේ. බොහෝ ආපනයනකරුවෝ මෙයට පෙර ගනුදෙනු නොකරන ලද ගනුදෙනුකරුවන් සමග ණය කොන්දේසි මත වෙළෙඳ කටයුතු සිදු කිරීමට මැළි වෙති. මෙයට හේතුව අනාරක්ෂිත බව සහ අවිනිශ්චිතභාවයයි. කෙසේ වෙතත් අලුත් ව්‍යාපාර ආකර්ෂණය කර ගැනීමට ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ රක්ෂණ ඔප්පු මගින් මුදල් ගෙවීම පිළිබඳ සැකයකින් තොරව විදේශික ගැනුම්කරුවන්ට මනා විශ්වාසයෙන් ණයකර නිකුත් කිරීමට අපනයනකරුවන්ට හැකියාව ලැබේ. ස්වභාවික විපත් හා අනපේක්ෂිත ආර්ථික හානි වලට මුහුණ දීමට ඉතා හොඳින් දන්නා දීර්ඝ කාලීන ගනුම්කරුවන්හට වුවත් සිදු විය හැකියි. නමුත් ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව වෙතින් ණය රක්ෂණයක් ලබා ගැනීම තුළින් මෙම අහිතකර තත්ත්ව මග හරවා ගත හැකියි.
අපගේ රක්ෂණ ඔප්පු හේතුවෙන් අපනයනකරුවන් මනා ණය අපේක්ෂකයන් ලෙස බැංකු ආයතන මගින් පිළිගැනීමට ලක් කෙරෙන අතර එමගින් ඔවුන්ට ආකර්ෂණීය කොදේසි යටතේ මුදල් ලබා ගැනීමේ හැකියාව ද ලැබේ.
කොටස් පදනම මත වන රුපියල් බිලියන 1.4ක් සහ රුපියල් බිලියනයක රාජ්‍ය ඇපකර සමග ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව මූල්‍ය වශයෙන් ඕනෑම කුණාටුවක දී නොසැළී සිටීමට ද අනපේක්ෂිත විපත් වලින් අපනයනකරුවන් ආරක්ෂා කිරීමට ද හැකියාව ඇති ශක්තිමත් පවුරක් ලෙස ක්‍රියා කරයි. ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව කීර්තිමත් බර්න් සංගමයේ සාමාජිකත්වය උසුලයි. මෙය ලොව පුර විසිරුණු ණය හා ආයෝජන රක්ෂණ සමාගම් වල එකතුවකි. 1974 වසරේ දී ඇරඹී සමාගම් 79ක සාමාජිකත්වය මෙහෙයවන මෙම සංගමයේ මූලස්ථානය එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටුවා ඇත.
'ණය ' නිර්වචනය කර ඇත්තේ ව්‍යාපාරයක ජීව රුධිරය ලෙසයි.
එසේම සමාගමක වත්කම් වලින් විශාල ප්‍රමාණයක් ණයකර සමග බැඳී පවතී. ඇත්ත වශයෙන්ම සාමාන්යෙන් සමාගමක වත්කම් වලින් 40%ක ප්‍රමාණයක් ණය හිමිකරුවන්හට අයත් බව ට ගණන් බලා තිබේ. වෙළෙඳපොලක අනෙකුත් සමාගම් සමග තරග කරන විට පාරිභෝගිකයින් වෙත ණයකර ලබා දීම අත්‍යාවශ්‍ය සාධකයක් බවට පත්වේ. මුදල් වටිනාකම මත මෙන්ම ණයකර වටිනාකම මත ද පවතින තරඟකාරීත්වයේ වෙනසක් නොමැත. මෙයට හේතුව වන්නේ බොහෝ සමාගම් සඳහා දෛනික මුදල් ප්‍රවාහය තීරණාත්මක සාධකයක් වීමයි. මිල දී ගැනීමක් සිදු කරන විට සමාගමේ මුදල් බැහැරට ගලා යයි. එසේම සමගම තුළට මුදල් ගලනයක් සිදු වන්නේ භාණ්ඩ වෙළඳාමක් සිදු වුවහොත් හෝ සේවාවක් සැපයුවහොත් පමණි. එම නිසා ඕනෑම සමාගමක් තම ව්‍යාපාරයේ මුදල් ප්‍රවාහය පවත්වා ගැනීම සඳහා සැපයුම්කරුවන්ගෙන් ණයකර බලාපොරොත්තු වේ. කෙසේ වෙතත් මේ හේතුවෙන් සැපයුම්කරුගේ මුදල් ප්රවාහයට බලපෑම් එල්ල වේ. එම නිසා ණය යනු ව්‍යාපාරයක 'ඇතිවත් බැරි - නැතිවත් බැරි' සාධකයකි. ගැටළු හට ගන්නේගේවීම් සිදු කළ යුතු දින වන විට ගෙවීම් සිදු නොකරන ලද අවස්ථාවන්හි දී ය. අදාල ගෙවීම් සිදු නොකරන ලද්දේ නම් හෝ ප්‍රමාද වීමක් සිදු වුවහොත් මුදල් නොලද සමාගමට අලාභය දරා ගැනීමට සිදු වන අතර ව්‍යාපාරය නැවත දැමීමට ද සිදු විය හැකියි. ප්‍රමාද වී ගෙවීම්; වර්ධනය වන ව්‍යාපාර අවදානම් සාධකයකි. එය සමාගමේ ශේෂ පත්‍රයට සහ මූල්‍ය තත්ත්වයට බලපෑම් එල්ල කරන අතර ගැනුම්කරු බංකොලොත්භාවය තෙක් ගෙන යයි. එය සමාගම් වලට දැවෙන ප්රශ්නයකි. එවැනි අවස්ථාවක ණය මුදල හෝ ඉන් කොටසක් හෝ නැවත අය කර ගැනීමට නොහැකි වීමට ද ඉඩ ඇති අතර බොල් ණය ලෙස කපා දැමීමට ද සිදු විය හැකියි.
ප්‍රධාන සැපයුම්කරුවෙකු සම්බන්ධයෙන් වන බොල් ණය හේතුවෙන් ඉතා බරපතල තත්ත්ව උද්ගත වීමට ඉඩ ඇත. නමුත් බොල් ණය තත්ත්වය 'හිම පන්දුවක්' ලෙස ක්‍රියා කිරීමට ද ඉඩ තිබේ. බොල් ණය ප්‍රමාණය අනුව එයින් සිදු කෙරෙන බලපෑම කුඩා හෝ විශාල විය හැකියි. මෙම තත්ත්වය ඉතාම අයහපත් වන්නේ යම් සමාගමකට සිටින ගැනුම්කරුවන් සංඛ්‍යාව සීමා සහිත වූ විටයි.
සමාගමකට යම් ගැනුම්කරුවෙකු සම්බන්ධයෙන් සියලු දේ අධ්‍යයනය කළ නොහැකියි.
මනා ගිණුම් පවත්වාගෙන යන සහ යහපත් කළමනාකාරීත්වයකින් යුතු බව ප්‍රදර්ශනය කරන සමාගමක් බොහෝ දෙනා විමතියට පත් කරමින් බංකොලොත්භාවයට වුව පැමිණීමට ඉඩ තිබේ. වර්තමානයේ පවතින සමාගම් සැපයුම්කරුවන්ගෙන් සිය අර්බුදකාරී තත්ත්වයන් සඟවා ගැනීමෙහි නිපුණත්වයෙන් අනූනය. තම සමාගමේ සියලු වෙළෙඳ හවුල් කරුවන් ස්ථානගත වී සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය වැනි සංවර්ධිත රටවල වීම හේතුවෙන් අනිසි කළමනාකාරීත්වය එම සමාගමේ බංකොලොත්භාවයට මග පාදන බව විශ්වාස කිරීමට බොහෝ සමාගම් සූදානම් නැත. නමුත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග ගනුදෙනු කරන සමාගම් පමණක් ගෙවීම් පහර හැරීම් වලට මුහුණ පාන්නේය' යන්න මිථ්‍යා විශ්වාසයක් පමණි.